2002 වසරේ නිෂ්පාදනය කළ ස්පාඤ්ඤ චිත්‍රපටයක් තම අද අරන් ඇවිත් තියෙන්නේ. මේ චිත්‍රපටය ස්පැගෙටි වෙස්ටන් චිත්‍රපටවල වැඩ කළ ස්පාඤ්ඤ ස්ටන්ට් රංගන ශිල්පීන්ට ගෞරවයක් විදියට තමා නිර්මාණය කරලා තියෙන්නේ.
කතාව මේකයි,
ජුලියන් ස්පාඤ්ඤයේ පිටිසර පළාතක් වෙන අල්මේරියාවේ හිටපු චිත්‍රපට ස්ටන්ට් රංගන ශිල්පියෙක්. මෙයා ඉස්සර ස්පාඤ්ඤයේ රූගත කළ ඇමරිකානු පැරණි බටහිර චිත්‍රපට බොහෝමයකටම රංගනයෙන් දායක වෙලා තියනවා, ලොකු ප්‍රසිද්ධ නළුවන්ට කරගන්න බැරි අමාරු ජවනිකා එයාලා වෙනුවෙන් කරලා දෙන එක තමා මෙයාගේ ප්‍රධාන රාජකාරිය ඒ කාලේ වෙලා තියෙන්නේ. මෙයාට මේ ඉස්සර කාලේ තිබිලා තිබුණේ හොඳ ගෞරවාන්විත සුන්දර ජීවිතයක්, නමුත් වර්තමානයේ මෙයා ඉන්නේ ගරාවැටිලා ගිය රංගන භූමියක සුළු ප්‍රේක්ෂකයින් පිරිසක් වෙනුවෙන් ස්ටන්ට් ප්‍රදර්ශන පවත්වන වයසක බේබදු මනුස්සයෙක් විදියටයි. ජුලියන් තමන්ගේ පුතාගේ මරණය ගැන අවුරුදු ගාණක ඉඳන් පසුතැවීමෙන් කල් ගෙවීම තමයි මේකට ප්‍රධානම හේතුව. මෙයාගේ පුතත් ස්ටන්ට් රංගන ශිල්පියෙක් විදියට ඉඳපු කෙනෙක්. ඉතින් මේ ජූලියස් අවුරුදු ගණනාවක ඉඳලා දුරස්වෙලා ඉන්න තමන්ගේ ලේලිය වෙන ලෝරා එක්ක ප්‍රශ්නයක් ඇතිවෙලා දෙන්නාගේ හිත් තිබුණටත් වඩා අමනාප වෙනවා. මෙතනදි මේ ලෝරා ජූලියස්ගෙන් පළිගන්න තීරණය කරනවා. ලෝරට ඉන්නවා පොඩි පුතෙක්, ඒ කියන්නේ ජූලියස්ගේ මුණුපුරා. මේ ළමයා තමන්ගේ මැරිච්ච තාත්තට තිබුණු ජීවිතය ගැන හුඟක් උනන්දු වෙනවා මෙයාට තමන්ගේ සීයාව පළවෙනි වතාවට මුණ ගැහුණම.
Download Link Click here
Tags
Adult