විවිධ විවේචන සහ ඇගයීම් මධ්‍යයේ, හොඳ සාර්ථකව තිරගත වෙන චිත්‍රපටියක් විදියට මේක නම් කරන්න පුළුවන්. සාමාන්‍යයෙන් Dwayne Johnson ගේ චිත්‍රපටියක් කියන්නේම ප්‍රේක්ෂක ආකර්ෂණය නිතැතින්ම ලැබෙන එකක්. ඒ නිසාමදෝ, චිත්‍රපටිය ගැන හැමෝම කියන්නේ හොඳ. Ratings අතින් ගත්තත් හොඳ මට්ටමක තියෙනවා. මේ ලිපිය ලියනකොට, IMDB 6.4, Google Users 88% ක් මේකට කැමැත්ත ප්‍රකාශ කරලා තිබ්බා.
Rawson Marshall Thurber විසින් අධ්‍යක්ෂණය කරපු මේ චිත්‍රපටියේ කතාවත් ඔහුගේම නිර්මාණයක්. වෙනස් විදියේ කතාවක් යොදාගත්තත්, තේමාව සාමාන්‍ය ඇමරිකානු චිත්‍රපටි කතාවක් කියලා සමහර අය චෝදනා කරනවා. චිත්‍රපටියට යොදාගත්ත නළු නිළි කණ්ඩායම නම් අති විශිෂ්ඨයි. මේ චිත්‍රපටියේ රඟපෑමෙන් දායක වෙනවා Dwayne Johnson (ජෝන් හාට්ලි), Ryan Reynolds (නෝලන් බූත්), Gal Gadot (බිෂොප්) සහ Ritu Arya (ඉන්ස්පෙක්ටර් දාස්) එක්වෙනවා.
කතාව ගැන කෙටියෙන් කිව්වොත්, අන්තර්ජාතික පොලිසිය කලා කෘති හොරකමක් පසුපස්සේ යනවා. ඒ ක්ලියෝපැට්‍රාට අයිතිව තිබුණු බිත්තර තුනක් හොයාගෙන. මේ වෙලාවේ ඒවා හොරකම් කරන්න තවත් දෙදෙනෙක් යොමුවෙලා. වැඩිය කතා නැතිව, මේ චිත්‍රපටිය නරඹන්න. රසවිඳින්න!!
Download Link Click here
Tags
Action