Spectre (2015) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ

 



1962 වගේ බොහොම ඈත කාලෙක අපිට සිද්ධ වෙනවා ඔහු හමුවෙන්න, එදා අද තරම් ලොකු මුදලක් වෙන් වෙන්නේ නැහැ ඔහු වෙනුවෙන්… අද වගේ ලොකූ මිල අධික, නවීන ගැජට් තිබ්බෙත් නැහැ ඔහු සතුව ලෝකය බේරා ගන්න… නමුත් 1960 විනාශ කාරී සැලසුම පරදන මොහු සදාකාලිකවම සිනමා රසිකයන්ගේ සිත් සතන්තුල බොන්ඩ්, ජේම්ස් බොන්ඩ් ලෙස පැල පදියම් වෙන්නේ එක්තරා හැටියකට නොසිතූ අයුරකින්… ඔහුගේ ආරම්භය කොතරම් නොසලකා හැරියාද කියනවා නම් මුල් වතාවේ ඔහුගේ නිල රථය වෙන්න ඇස්ටල් මාටින් රථයක් සමාගමෙන් ඉල්ලු විට ලැබෙනා ප්‍රති උත්තරය වෙන්නේ ප්‍රතික්ෂේප කිරීමක්…

මේ බාධක කම්කටොලු එක්ක 1963 ජේම්ස් බොන්ඩ් 2 වැනි වතාවට අපි හමුවෙන්නේ රුසියානු ආදරවන්තියක් එක්කමයි. ඇය සාර්ථකයි, නමුත් තවම අපි සිනමා ලෝකයේ නියම සලකුණ දකින්නේ නැහැ… ඒ අවස්තාව අපිට උදා වෙන්නේ 1964 රත්තරන් ! රත්තරන් ! එකක්, එදා ඇස්ටල් මාටින් DB 5 රථයක් එකක් රට වටේ යන්න 007 සමත් වෙනවා වගේම… කිසිදා අමතක නොවෙන සතුරෙක් අපි හමුවට ගේන්නත්, ඔහුගේ අරමුණ පරාජය කරන්නත් අපේ මිතුරා, අපේ වීරයා සමත් වෙනවා…

කොහොමින් කොහොම හරි 1965 බෝම්බ එකක් සෙල්ලම් කරන්නත්, 1967 වසරේදී ලෝක යුද්ධයක් නවතා ලන්නත් 007 සමත් වෙන්නේ යන්තම් දිවි ගලවාගෙන. ඔහොම තමුන්ගේ ස්වරුපය වෙනස් කරගන්නවා එකක්ම 1970 වෙනකොට පවුලක් පන්සලක් වෙන්නත් ඔහුගේ හිත යොමු වෙනවා… නමුත් ඒ සතුට අවසාන වෙන්නේ දුකක් එකක් කියලා අපි දන්නේ අපි ඔහුත් එකක් හිටිය නිසයි…

වසරක් යන්න කලින් ඒ කියන්නේ 1971 සදාකල් පවතින දියමන්තිය පස්සේ යන ඔහු, නැවතත් ස්වරුපය කලින් තත්වයටම පත් කරගෙන… නමුත් ඒ මුහුණ අපිට වැඩි දවසක් දකින්න වෙන්නේ නැහැ 73 ඔහු වුඩු මායාවන් එකක් කැරබියන් දුපත් දෙවනත් කරන විට… ඔහු මෘදු චරිතයක් බවට පත් වෙන්නේ අපේ ඇස් ඉදිරිපිට නමුත් වැඩ එහෙමමයි… ලස්සන කාන්තා රුපයක් පෙන්න බැහැ… හැබැයි ඔහුට එවැනි කාන්තාවන්ගේ බැල්මෙන් අඩුවකුත් නැහැ…

ඉතින් මේ ක්‍රියාදාම, සට කපටකම් වගේම ඉදලා හිටලා හොඳ විහිලුවකුත් එකක් බැදුන අලුත් පිරිසක් ඉන්න 25 වැනි බොන්ඩ් චිත්‍රපටයේ කතාව ගෙතෙන්නෙ නම් 1962 ඔහු හා සටනට පැමිණි ලෝක පුජිත රහස් සංවිධානය වෙන ස්පෙක්ට්‍රා සංවිධානය එකක්… කොහොමද ස්පෙක්ට්‍රා නවත් කරලියට එන්නේ ? මේ වතාවේ බොන්ඩ් සතුවෙන ගැජට් මොනවා ද? ඔහු දිනයි ද? සුරුපිනියන් ඔහුට උදව් කරයි ද? සතුරන් වෙයි ද? ඔහුගේ සැබෑ මිතුරන් කවුද ? මෙදාපාර මහා සැලසුම මොන වගේ එකක් වේවි ද? මේ කිසිම දෙයක් මම කියන්න සුදානමක් නැහැ… ඒ සියල්ල මිනිත්තු 148 තුල බලාගන්න ඔබට භාරයි…





Download Link Click here








Previous Post Next Post

نموذج الاتصال